සීල භාවනා වැඩසටහන
සෑම පුන් පොහොය දිනකම
උදෑසන 6.00 සිට සවස 4.00 දක්වා
අපගේ භාග්යවතුන් වහන්සේගේ අග්ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේගේ ශ්රී නාමය උදෙසා ඉදිවෙමින් පවතින

මෙම උතුම් සෑරජාණන් වහන්සේගේ සතරැස් කොටුව තුළ මේ වන විටත් අපගේ භාග්යවතුන් වහන්සේගේ උතුම් ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩහිඳින සේක.
මේ බුදු සසුනෙහි අග තනතුරු පහකට උරුමකම් කියූ ආනන්ද මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා උතුම් සෑ ගර්භයෙහි නිධන්ගත කිරීමට නියමිතව තිබේ.
අතිපූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා සහ මගපෙන්වීම අනුව සිදුවන, සත්ය වශයෙන් ම පිදීමට සුදුසු උතුමන් පිදීමේ මේ අති දුර්ලභ මහානීය පින්කමට ශක්ති පමණින් දායක වී ඔබත් මෙහි කොටස්කරුවෙකු වන්න.
පූජාරහේ පූජයතෝ බුද්ධේ යදි ව සාවකේ පපඤ්චසමතික්කන්තේ තිණ්ණසෝකපරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝභයේ න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තමපි කේනචි
කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන් පැන් පුදනවා නම්, කිසි ලෙසකිනුත් බිය - තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා - සත්කාර කරන කෙනාගේ ඒ පින් මෙච්චරයි කියලා, මැනලා කියන්ට කාටවත් පුළුවන්කමක් නෑ.

ශ්රී ආනන්ද මහා සෑය ඉදිකිරීම
විස්තර බලන්න →
ශ්රී ආනන්ද ධර්ම මන්දිරය
විස්තර බලන්න →
කුටි සෙනසුන් සහිත නව සංඝාවාසය
විස්තර බලන්න →
ශ්රී ආනන්ද මහා සෑ මළුවේ ගල් පුවරු ඇතිරීමේ පින්කම
විස්තර බලන්න →
දිනපතා පූජා (ආලෝක පූජාව සහ පුෂ්ප පූජාව)
විස්තර බලන්න →සෑම පුන් පොහොය දිනකම
උදෑසන 6.00 සිට සවස 4.00 දක්වා
සෑම පුන් පොහොය දිනකම
උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා
දරුවන් වෙනුවෙන් පැවැත්වෙන සදහම් වැඩසටහන.
සෑම මසකම දෙවන ඉරිදා දිනකම
දහවල් 2.00 සිට සවස 4.00 දක්වා
තරුණ දරුවන් වෙනුවෙන්ම පැවැත්වෙන වැඩසටහන.
සෑම සෙනසුරාදා දිනකම
සවස 5.30ට
සෑම ඉරිදා දිනකම
සවස 5.30ට

අතිපූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
අනඳ මහතෙරුන් පිළිබඳ දතයුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම්විට ඒවා ඉතා අනුවේදනීය ය. ඔබත් මේ පොත කියවා අනඳ මහරහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.
ඔන්ලයින් ඇණවුම් කරන්නශ්රී ආනන්ද මහා සෑ විහාරය මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව.
බස් සහ වාහන මාර්ග බලන්න ↓කොළඹ - කුරුණෑගල බසයක, කුරුණෑගල නගරය වෙත පැමිණ ඉන් පසු කුරුණෑගල - ගල්නෑව බසයක, ගල්නෑව බස්නැවතුම්පල වෙත පැමිණිය යුතුය. එතැන් සිට 2.5 km පමණ දුරක් ගල්නෑව අසපුව වෙත යා යුතු වේ.
කොළඹ - අනුරාධපුර බසයක, තඹුත්තේගම රැජින හන්දිය වෙත පැමිණිය යුතුය. ඉන්පසු ගල්නෑව බසයක් මගින්, ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුව වෙත පැමිණිය හැක.
නුවර - අනුරාධපුර බසයක කැකිරාව නගරය වෙත පැමිණිය යුතුය. ඉන්පසු කැකිරාව - ගල්නෑව බසයක් මගින්, ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුව වෙත පැමිණිය හැක.
අනුරාධපුර - ගල්නෑව බසයක පැමිණ ගල්නෑවේ සිට ත්රීරෝද රථයක අසපුවට පැමිණිය යුතුය.